ගොවීන්ට තෙල් දෙන්න පිරවුම්හල් 247ක්

ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (22) පස්වරුවේ සාකච්ඡා කළ අමාත්‍යවරයා මීලග මහ කන්නයේ දී අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමේ වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව ද සඳහන් කළේය.
මෙවර යල කන්නය කුඹුරු වගා කිරීම සඳහා ගොවි ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටළුව වුයේ ඉන්ධන හිඟයයි.
නමුත් රජය සමග සාකච්ඡා කර ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 247ක් නම් කර ඒ මගින් ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගනු ලැබීය.

