පෙට්‍රල් එන්නේ අද නෙවෙයි හෙට – ඒකටත් බාලගිරිදෝෂයද ?

පෙට්‍රල් එන්නේ අද නෙවෙයි හෙට – ඒකටත් බාලගිරිදෝෂයද ?

අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනුව අද (23) සහ හෙට (24) සීමිතව පෙට්‍රල් බෙදා හැරෙනු ඇති බවයි.

ඔටෝ ඩීසල් රට පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරින බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සිදු වන්නේ සීමා සහිතව බවත් අමාත්‍යවරයා යොමු කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

COMMENTS