ඉන්ධන පිරවුම්හල උණුසුම් වෙයි

මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 10 පසුව පෙට්‍රල් ලීටර 6600 පසුගිය 20 වන දින පැමිණීමත් සමඟ ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් විශාල පිරිසක් පැමිණ තිබෙනවා.
දින 10කට පමණ ලැබුණු ඉන්ධන තොගය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිස දැඩි නොසන්සුන්කාරී වී තිබෙනවා.
ඉන්ධන අර්බුදය සමස්ත ශ්‍රී ලංකාව පුරා ම ඔඩුදුවා දැන් බොහෝ කාලයක් වෙනවා. පැලැස්තර විසඳුම් හැරෙන්නට ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන්නට තවමත් පාලකයන් සමත් වී නොමැති වීම කණගාටුවට කරුණක්, දිනෙන් දින පෝලිම් තුළ පීඩාවට පත් වන ජනතාවගේ වේදනාව වැඩි වන බවක් ද පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාව පීඩාවට පත්වෙනවා බලාගෙන ඉන්නවා වෙනුවට පාලකයන්ගේ වගකීම කඩිනම් විසඳුම් ලබා දීම නොවේද ?

