කොත්තු, රයිස් ඇතුළු සියලු ආහාරවල මිල ඉහළට

කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

