ඇමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20ක ආධාරයක්

ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබේ.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර ඇත.
අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ , ශ්රී ලංකාවේ දරුවන්ට අඛණ්ඩව ආහාර සැපයීම සඳහා මෙම ආධාර මුදල් පිරිනමන බවයි.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චං පවසන්නේ, ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ගන්නා උත්සහයන්ට අමෙරිකාව අඛණ්ඩව සහය දෙන බවය.

