අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.