“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට

එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව අද (29) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සාමාජිකයන් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.

ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දා පිහිටුවනු ලැබී ය.

දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට සහ විද්වත් මණ්ඩලවලින් අදහස් ලබා ලබා ගැනීමේ අරමුණින් මෙම කාර්ය සාධක බලකාය පිහිටු වීය.