කුරුඳු, ගම්මිරිස් සහ කරාබුනැටි මිලත් ඉහළට

කුරුඳු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දකුණු පළාතේ ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 3,900කටත්, ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 5,000 ත් 6,000 ත් අතර මිලකටත් වගාකරුවන්ගෙන් මිල දී ගැනෙනවා.
ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල 1,300 දක්වා ඉහළ ගොස් ඇති අතර, කරාබුනැටි කිලෝග්‍රෑමයක් රුපියල් 2,300 ත් 2,400 ත් අතර මිලකට අලෙවි වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

