යුපුන්ගෙන් අලුත් වාර්තාවක් (වීඩියෝ)

යුපුන්ගෙන් අලුත් වාර්තාවක් (වීඩියෝ)

මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඊයේ (3) සමත් විය.

ස්විට්සර්ලන්තයේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින් ඔහු එම වාර්තාව තැබීය.

එත් සමග යුපුන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා යළි අලුත් කිරීමට ද සමත් විය.

තව ද, දකුණු ආසියානු ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් අවසන් කළ පළමු අවස්ථාව ද එය වේ.