පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය වැසේ

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය වැසේ

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයයි.

එම විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

මෙම තත්ත්වයත් සමග බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් ගමන් ගන්නා වාහන වලට ද බාධා එල්ල වී තිබේ.

COMMENTS