ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනකුට කොවිඩ්

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වෙනවා.
එම ක්‍රීඩකයන් වෙනුවෙන් දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂාන් සදකැන් සංචිතයට කැදවා ඇති බව සදහන්.
මීට පෙර කොවිඩ් ආසාදිත වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට සංචිතයට පැමිණ සිටින අතර ප්‍රවීන් ජයවික්‍රම මීට පෙර ආසාදිතයෙකු බවට හදුනා ගැණුනා.
මේ අතර තරඟ සංචාරයක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සමඟ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි ආරම්භ වීමට නියමිතයි.
දෙවන තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

