දුම්රිය ගාස්තු ඉහළට – අවම ගාස්තුව විස්ස වන ලකුණු

දුම්රිය ගාස්තු ඉහළට – අවම ගාස්තුව විස්ස වන ලකුණු

ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එමඟින් යෝජනා කර ඇති අතර, දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් දහය, විස්ස දක්වාද ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙනවා.