රනිල්ගේ නිවස ඉදිරිපිටදී “නිව්ස්ෆස්ට්” මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට ප්‍රහාරයක්

රනිල්ගේ නිවස ඉදිරිපිටදී “නිව්ස්ෆස්ට්” මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට වාර්තාකරණ කටයුතු සඳහා ගොස් සිටි සිරස නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් පහර දෙනු ලැබ තිබේ.

ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට බල කිරීම සඳහා ජනතාව එහි ගොස් සිටි අතර ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙලෙස පහර දීමට ලක්ව ඇත.

එහි ගොස් සිටි නිව්ස්ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත්, සරසි පීරිස්, ජනිත මෙන්ඩිස් සහ ශක්ති ටී.වී. මාධ්‍යවේදී සින්දුජන් යන මාධ්‍යවේදීන් මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

තුවාල ලැබූ එම මාධ්‍යවේදීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට එල්ල කළ මේ ප්‍රහාරය “My newslanka” අපි තරයේ හෙළා දකිනවා.