ගෝඨා 13 ඉවත් නොවුණොත් කරන දේ ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීම්

ගෝඨා 13 ඉවත් නොවුණොත් කරන දේ ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීම්

එළඹෙන 13 වැනි දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් නො වුණහොත්, නො දන්වා වැඩවර්ජන සහ හර්තාල්වලට යොමු වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව අද(10) ප්‍රකාශ කළා.

වෘත්තීය සමිති සහ බහු ජන සංවිධාන එකමුතුව විසින් කොළඹ කොටුව ලංකා ගුරු සංගම් කාර්යයාලයේ දී අද(10) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියා.

කෙසේ නමුත් ඊයේ පස්වරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණවලට ගරු කරමින් ජනාධිපතිවරයා සිය ධුරයෙන් එළඹෙන ජූලි 13 වැනි දා ඉවත්වන බව කතානායකවරයාට දන්වා තිබුණා.