මනුෂ සහ හරීන් ඇමති ධූරවලින් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා මේවන විට දරණ කමර්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.


