පාප් වහන්සේගෙන් ශ්රී ලාංකිකයින්ට පණිවිඩයක්

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්රී ලාංකික ජනතාවගේ ශෝකය වෙනුවෙන් තමන් පෙනී සිටින බව ශුද්ධ වූ ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසයි.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
උන්වහන්සේ සඳහන් කරන්නේ, රටේ රදගුරුවරුන් සමඟ එක්ව, සාමය සඳහා වන තමන් වහන්සේගේ ආයාචනය අලුත් කරන බව ය.,
එසේ ම, දුප්පතුන්ගේ විලාපය නොසලකා නොහරින ලෙස ද බලාධිකාරය දරන පුද්ගලයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.


