ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථයක් අනතුරකට – දෙදෙනෙක් මරුට – බසයටත් ගිණි තබයි

ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථයක් අනතුරකට – දෙදෙනෙක් මරුට – බසයටත් ගිණි තබයි

ඉන්ධන අර්බුදයත් සමඟ ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථයක් ගම්පොල දී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පසුව එම බස් රථයට ප්‍රදේශවාසීන් විසින් ගිණි තබා තිබෙනවා.

ගම්පොල සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථය ඊයේ (11) දහවල් අනතුරට ලක්වුණේ කාච්චමලේ – වීඩන් ප්‍රදේශයේදීයි.

මියගිය දෙදෙනා 39 සහ 20 හැවිරිදි රම්බොඩ සහ හෙල්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

බස් ධාවනය අවම වීම නිසා අනතුර සිදුවන අවස්ථාවේ මෙහි විශාල පිරිසක් ගමන් කර ඇති අතර, පා පුවරුවේද පිරිසක් රැඳී සිට තිබෙනවා.

එක්වරම බස් රථය මාර්ගයේ පැති බැම්මකට හේත්තු වීමෙන් අනතුර සිදුව ඇති අතර මියගිය දෙදෙනා බස් රථයට සිරවීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පිටතට ගැනීම සඳහ පැයකට වැඩි කාළයක් ගත වී තිබෙනවා. එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරී බස් රථයට ගිණි තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මරදගහමුල – බඩල්ගම මාර්ගයේ තම්මිට ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී අද දහවල් සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ තුන්දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.