පාන් රාත්තලක මිල යළිත් ඉහළට

පාන් රාත්තලක මිල යළිත් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ යනු ඇති බව ය.

ඒ අනුව, පාන් රාත්තලක මිල රුපියල් 190ක් දක්වා ඉහළ යනු ඇත.

අදාළ මිල ගණන් අද (ජූලි 12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරට ත් පැවසීය.

COMMENTS