බැසිල්ට මත්තල ගුවන් තොටුපොළේ දොරටුවත් වැසේ

ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ අද (12) පෙරවරු 12.00 සිටයි.
ඊට සමගාමීව යමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ද සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේ ද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසන්නේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) හරහා එලෙස රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ එම ගුවන් තොටුපළට අනුයුක්තව සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අදාල තීරණය ගෙන තිබෙනවා.

