වෝනර් ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයෙන් කතා කරයි

ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකිරීමක් සිදු කර තිබෙනවා.
වෝනර් තැබූ සටහන පහතින්,
“අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක්වූ ආගන්තුක සත්කාරකත්වය ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි. මෙහි පැමිණ අප ආදරය කරන ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට ඔබ දැක්වූ සහයෝගය සහ ආදරය ගැන අපි කෘතඥ වෙනවා. මෙම සංචාරය අපට කිසිදා අමතක
නොවේ. ඔබේ විස්මිත රටට මම ආදරය කරන හේතුව තමයි කුමන තත්ත්වයන් යටතේ වුවද සැමවිටම ඔබේ මුහුණේ සිනහවක් තිබීම සහ සැමවිටම සාදරයෙන් පිළිගැනීම. මම මගේ පවුලේ අය සමඟ නිවාඩුවක් සඳහා එක් දිනක් හෝ මෙහි පැමිණීමට මග බලාගෙන ඉන්නවා. ඔබට ස්තූතියි ! ” යනුවෙන් සටහන් කර තිබුණා


