ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ඉදිරියට

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ඉදිරියට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීමවලින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ ඊයේ (11) ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින්.

එම ලැයිස්තුවේ පළමු වැනි ස්ථානයේ දකුණු අප්‍රිකාව පසු වන අතර, දෙවැනි ස්ථානයේ පසු වන්නේ, ඔස්ට්‍රේලියාව යි.

එළැඹෙන ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් එය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට මහඟු පිටිවහලක් වනු ඇති.