ඉන්ධන නෞකා 03 ක් අනිද්දා දිවයිනට

ඉන්ධන නෞකා 03 ක්, අනිද්දා (17) දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කළා.
මෙට්රික් ටොන් 40,000 බැගින් අඩංගු ඩීසල් නෞකා දෙකක් සහ ඩීසල් මෙට්රික් ටොන් 41,000 ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව නිවේදනය කළේ.
මේ වනවිට එම ඩීසල් නෞකා අතරින් දෙකකට සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති අතර, ඉතිරි නෞකාව සඳහා ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා.
එසේම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක්ද අනිද්දා දිවයිනට ළඟා වන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

