වැඩ බලන ජනපති වැඩ පටන්ගනී

රාජ්‍ය ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (ජූලි 14) සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
පෞද්ගලික ආරක්ෂක සේවා සම්බන්ධ කටයුතු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාව, මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව, රණවිරු සේවා අධිකාරිය ඇතුළු ආයතන 42ක් මෙසේ ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර ඇත.
ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා යටතේ පැවැති ආයතන රැසක් ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇති අතර රක්නා ලංකා පෞද්ගලික සමාගම ද ඒ අතර ඇත.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

