විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

අද (15) පෙරවරු දහයට පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කැඳවා තිබෙනවා.

එසේම, ඊයේ (14) පැවති පක්ෂ නායක හමුවේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වී තිබුණා.

කොළඹ ඊයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි ස්වාධීන පක්ෂ එකමුතුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ වහාම පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයෙකු සහ නව පාලනයක් ගොඩනගා ගත යුතු බවයි.

COMMENTS