චාමිකත් තෙල් පෝලිමේ – දවස් දෙකක් පුහුණුවීම් වලටත් යන්න බැරි වෙලා (වීඩියෝ)

චාමිකත් තෙල් පෝලිමේ – දවස් දෙකක් පුහුණුවීම් වලටත් යන්න බැරි වෙලා (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නටත් දින දෙකක් ඉන්ධන පිරවුම්හල් පෝලිමක ගත කිරීමට සිදු වූ බවත් එනිසාවෙන් ඔහුට පුහුණුවීම් සඳහා සහභාගි වීමට නොහැකි වූ බවත්, ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ සජීවීව කියා තිබෙනවා.

ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශීය මෙන් ම විදේශීය මාධ්‍යයේ ද විශාල අවධානයක් යොමුව තිබෙනවා.

අදාළ වීඩියෝ පටය මගින් චාමික කියා සිටින්නේ, අන්තර් සමාජ ක්‍රිකට් තරග සමය උදා වීමත් සමග කොළඹ සහ ඉන් බැහැර විවිධ ස්ථානවල තමන්ට පුහුණුවීම් සඳහා යා යුතුව පවතින බැවින් ඉන්ධන හිඟය ඊට දැඩි බලපැමක්ව ඇති බවයි.

එහි දී ඔහු කියා සිටියේ ” දවස් 2ක ඉඳන් මම කොහෙවත් ගියේ නෑ, මොකද මම පෙට්‍රල් ගන්න ලොකු පෝලිමේ ඉන්නවා. වාසනාවකට මට අද රුපියල් 10000ක තෙල් ලැබුණා. එය දවස් දෙකකට හෝ තුනකට” ප්‍රමාණවත් බවයි.

එසේ ම මේ වසරේ ආසියානු කුසලාන තරගාවලිය සහ එල්.පී.එල් තරගාවලිය ද මෙරට පැවැත්වීමට සූදානම් කොට ඇතැයි ද ඔහු එහි දී කියා සිටියා.