ඩීසල් නැවක් ඇවිල්ලා

ඩීසල් නැවක් ඇවිල්ලා

ඩීසල් රැගත් නෞකාවක් අද (ජූලි 16) උදෑසන මෙරටට ළඟා වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එහි සාම්පල් පරීක්ෂාව මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය.

එමෙන් ම, ඩීසල් තොග රැගත් තව ත් නෞකාවක් අද (16) දිනය තුළදී මෙරටට පැමිණීමට නියමිත බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

මේ අතර, පෙට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන්හිදී පැමිණීමට නියමිතව ඇති බව ත් මෙම ඉන්ධන නෞකා තුනේ ගෙවීම් කටයුතු සිදු කර අවසන් බව ත් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් වේ.

මේ අතර අද දිනයේ දී ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් තාක්ෂණය භාවිතයෙන් හඳුන්වාදීමට නියමිතයි.

එය ජාතික ඉන්ධන බලපත්‍රයයි.

එම වැඩසටහන අද (16) පස්වරු 12.30ට ඇරඹීමට නියමිතයි.

මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කෙරෙනු ඇති.

ජාතික හැඳුනුමපත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කරනු ලැබූ QR කේතයක් ද ලැබෙනවා.

ඒ අනුව ඉන්ධන ලැබෙනුයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියට දෙදිනකි.