පෝලිමේ හිටියොත් ආරක්ෂක අංශ ලවා ඉවත් කරනවා – වෙබ් අඩවියෙන් ලියාපදිංචි වෙන්න

පෝලිමේ හිටියොත් ආරක්ෂක අංශ ලවා ඉවත් කරනවා – වෙබ් අඩවියෙන් ලියාපදිංචි වෙන්න

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට නව වෙබ් අඩවියක් (fuelpass.gov.lk) හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවියට පිවිස තම වාහනයේ දත්ත ඇතුලත් කළ යුතුයි.

එලෙස කළ යුතු වන්නේ එක් අවස්ථාවකදී පමණයි.

අනතුරුව QR කේතයක් ලැබෙන අතර ඉන්ධන ලබාගැනීමේදී එය ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

ලියාපදිංචි වීමෙන් අනතුරුව සතියකට ඔබට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය එහි දැක්වෙනවා.

එසේම ඕනෑම අවස්ථාවකදී තමාගේ ඉන්ධන කෝටාවේ ඉතිරි ප්‍රමාණය බලාගත හැකියි.

යම් අයෙකුට ස්මාර්ට් දුරකථනයක් නොමැතිනම් ලියාපදිංචි වීමෙන් අනතුරුව තමාට හිමි QR කේතයක් පිටපතක් (Print Out) ලබාගත හැකි අතර එය ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට හඳුන්වා දුන් නව ක්‍රමවේදය අනුගමනය නොකරමින් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් ආරක්ෂක අංශ යොදවා ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් ද නව ක්‍රමවේදයට ලියාපදිංචි විය යුතුයි.

එසේ නොවුනහොත් ඔවුනට ඉන්ධන ලබා දීමක් සිදුවන්නේ නැති බවත් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කියා සිටියා.