ලොව වේගවත්ම මිනිසා ෆ්‍රෙඩ් කර්ලි

ලොව වේගවත්ම මිනිසා ෆ්‍රෙඩ් කර්ලි

අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක් විය.

ඒ, 2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9යි දශම 8යි 6කින් ජය ගනිමිනි.

2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඇමෙරිකාවේ ඔරිගන්හිදී පැවැත්වේ.

එහි මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත් අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි සටහන් කළ කාලය තත්පර 9යි දශම 8යි 6ක්.

27 හැවිරිදි ෆ්‍රෙඩ් කර්ලි ,මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වේ රිදී පදක්කම දිනූ ක්‍රීඩකයා ද වේ.

මෙවර ලෝක ශූරතාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සියල්ලම ඇමෙරිකාව දිනා ගැනීම විශේෂත්වයකි.

මර්වින් බ්‍රේසිට එහි රිදී පදක්කම හිමි වූ අතර, ලෝඩක පදක්කම හිමි වූයේ ට්‍රෙවොන් බ්‍රොමෙල්ටයි.