පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

මේ අතර පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, නම්කරන ලද පුද්ගලයින් 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට නියෝගයක් නිකුත් කර තිබුණා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 14 දෙනෙකු අදාළ නම් කළ පිරිසට අයත්.

පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම හේතුවෙන් මහජන පීඩාවන් ඇති විය හැකි බවට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර මහජනයා බිය වැද්දවීමට හෝ මහජනයා කැළඹීමට හේතුවිය හැකි කටකථාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් හෝ යම් තොරතුරක් කට වචනයෙන්, ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුලු වෙනත් ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම කිසිදු තැනැත්තෙකු නොකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

COMMENTS