ඇමරිකාව රනිල් සමඟ කටයුතු කිරීමට සූදානම්

ඇමරිකාව රනිල් සමඟ කටයුතු කිරීමට සූදානම්

අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙම අභියෝගාත්මක කාලයේදී, ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට එක්ව ක්‍රියා කිරීමේ උත්සහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යයි.” යනුවෙන් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත.

COMMENTS