“නෝ ඩීල් ගම” ඉවත් කර ගනී – එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලිපියක්

“නෝ ඩීල් ගම” ඉවත් කර ගනී – එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලිපියක්

නෝ ඩීල් ගම නිර්පාක්ෂික අරගලකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාරදී තිබෙනවා.

තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳ මැදිහත් වන ලෙසට දන්වමින් මෙම ලිපිය භාරදුන් බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.

පසුගිය දිනවල අරලියගහ මැදුර ඉදිරිපිට දින 6ක් තම විරෝධතාකරුවන් මාරාන්තික උපවාසයක නිරත වුව ද කිසිදු දේශපාලනඥයෙකු ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවූ බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනතාවගේ වේදනාව සම්බන්ධයෙන් වත්මන් පාලකයන්ට දැනුමක් නොමැති බවට ද විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළා.

මේ අතර අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන් පිරිසක් ක්‍රියාත්මක කළ නෝ ඩීල් ගම (no deal gama ) ඉවත් කරගෙන තිබෙනවා.