අද තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

අද තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

මෙරටින් අදත් කොරෝනා මරණ 1ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16536ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 664704ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් මේවන විට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන සංඛ්‍යාව 703ක්.

647466ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් රෝගීන් වාර්තා වීමේ යම් ඉහළ යාමක් පෙන්නුම්කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.