අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළුවීම ඇමරිකාවේ දැඩි කනස්සල්ල

මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය.
සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නේ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල
ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඇය එම ට්විටර් සටහනින් වැඩි දුරටත් ඉල්ලා සිටියි.
අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන තිබෙනවා.
මෙහිදී ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ගාලුමුවදොර අරගල භූමියට පිවිසෙන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.


