තෙල් පෝලිමක තවත් මරණයක්

ත්රිකුණාමලය කින්නියා ප්රදේශයේදි ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ ඇඳ වැටි මිය ගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, 59 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි වාර්තා වෙන්නේ
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කින්නියා මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

