රනිල්ගේ වත්කම් විගණනය කළයුතු කාලයයි – මහාචාර්ය ස්ටීව් හෑන්ක්

රනිල්ගේ වත්කම් විගණනය කළයුතු කාලයයි – මහාචාර්ය ස්ටීව් හෑන්ක්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, 1977 සිට වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී “දූෂිත රාජපක්ෂවරුන්” ආරක්ෂා කළ බව ය.

“වික්‍රමසිංහ යනු, රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බව” ඔහු එමගින් අවධාරණය කර තිබේ.

මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් විගණනය කිරීමට කාලය එළඹ ඇති බවය.