ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන ලකුණු – ගෑස් නෞකා හයක් ඉදිරි සතියේ දිවයිනට

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන ලකුණු – ගෑස් නෞකා හයක් ඉදිරි සතියේ දිවයිනට

ලිට්‍රෝ ගෑස් සදහා වන පෝලිම් සියල්ල මේ මස අවසානය වන විට අවසන් කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලබන මාසය වන විට ගෑස් මිල අඩුකිරීමේ සැලසුමක් ද පවතින බවයි ඒ මහතා සදහන් කළේ.

අගොස්තු මාසය ආරම්භ වන විට ලෝක වෙලදපොලේ ගෑස් මිල පහල යන බවට විශ්වාස කරන අතර එසේ වුවහොත් ගැස් මිල පහල දැමිමට කටයුතු කරන බවයි ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.

මේ අතර ගෑස් නෞකා තුනක තිබු ගෑස් තොග පමණක් වෙළදපොලට නිකුත් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. මෙම නෞකා තුනට අමතරව තවත් නෞකා 7ක් හෝ 6ක් මේ මස අවසන් වනවිට මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඒ සදහා පෙර ගෙවීම් සිදු කර ඇනවුම් ස්ථීර කර ඇති බව ද සදහන්. ඒ අනුව ජුලි 31 වනදා වන විට ඇනවුම් කර ඇති ගෑස් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක්.