ජනපති රනිල්ට පුටින්ගෙන් ලිපියක්

ජනාධිපති රනිල් වික්රමසිංහ අද (25) පෙරවරුවේ ශ්රී ලංකාවේ රුසියානු තානාපති එච්.ඊ. යූරි මැටරි හමු වී තිබේ.
එහිදී තානාපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කළ ලිපියක් පිළිගන්වා ඇත.
ජනාධිපති ධූරයට පත් වීම පිළිබඳව වික්රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් රුසියානු – ශ්රී ලංකා සබඳතාව තවදුරට ත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව එම ලිපියේ රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, විවිධ ක්ෂේත්රවල නිර්මාණාත්මක ද්විපාර්ශ්වික සහයෝගිතාව, ජනතාවගේ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට රාජ්ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ක්රියාකාරකම් තවදුරටත් වර්ධනය කළ යුතු යැයි අපේකෂා කරන බව ය.
අදාළ ලිපිය පහතින් දැක්වේ.


