තවත් මාස 12ක් යනතුරු සුපුරුදු පිළිවෙළට ඉන්ධන නොලැබෙන ලකුණු

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නො හැකි නිසා QR ක්‍රමවේදය හඳුන්වා දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
කෙසේ වෙතත් විදේශ මුදල් හිඟතාව හේතුවෙන් ඉදිරියට මාස 12ක් පමණ යන තුරුත් ඉන්ධන සුපුරුදු පිළිවෙළට ආනයනය කිරීම අපහසු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත දිනපතා ඉන්ධන බෙදා හැරීම ද සිදු වී නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ, සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින්.


