නව අගමැති වැඩ අරඹයි

නව අගමැති වැඩ අරඹයි

නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන අද(25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කර ඇත.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 22 වනදායි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ දිනේෂ් ගුණවර්ධනයි.

COMMENTS