ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් T20 තරඟාවලියක්

ආසියානු කුසලානය සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණින් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියක් ලබන මස 9 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජාත්‍යන්තර මට්ටමේ සිට පළමු පෙළ තරග සඳහා සහභාගිවන ක්‍රීඩකයින් 60 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා තෝරාගෙන ඇති බවයි.
මෙම තරඟාවලිය කණ්ඩායම් හතරක් යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

