අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
නැගෙනහිර , ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී වැසි ඇතිවිය හැකියි.
සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

