උවිඳු විජේවීර සහ අරගලයේ නායකයින් තිදෙනෙකුටපාර්ලිමේන්තුවේ දොර ඇරෙයි ?

උවිඳු විජේවීර සහ අරගලයේ නායකයින් තිදෙනෙකුටපාර්ලිමේන්තුවේ දොර ඇරෙයි ?

වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඉවත්ව තරුණයන් හතර දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

උවිඳු විජේවීර සහ අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් තිදෙනෙකුට එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බවයි යෝජනා කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී ඇති බවට ද වාර්තා පළ වෙනවා.