රජයේ විශ්‍රාම වයස යළි අඩු කරයි ?

රජයේ විශ්‍රාම වයස යළි අඩු කරයි ?

රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. මෙම තීරණය අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය සේවයේ පිරිස් අවුරුදු 60න් විශ්‍රාම යෑම පසුගිය 2022 වසරේ ජනවාරි සිට 65 දක්වා දීර්ඝ කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පියවර ගෙන තිබිණි.