ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිය පාරිභෝගිකයින්ට නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිය පාරිභෝගිකයින්ට නිවේදනයක්

විදුලි පාරිභෝගිකයින්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් දැන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස යි.

ඒ සඳහා කෙටි පණිවිඩ සේවාවක් ද හඳුන්වා දී ඇති ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටින්නේ එම කෙටි පණිවිඩ සේවාව සඳහා තම පාරිභෝගිකයන්ට ලියාපදිංචි වීම සඳහා කටයුතු කරන ලෙසයි.

ඒ අනුව “EBILL” ලෙස සටහන් කර, තම ගිණුම් අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ එවා ලියා පදිංචිවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

(මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ දැන්වීම පහතින්)

COMMENTS