ඇළෙන් ගොඩ වෙන්න ගිය අත්තම්මා සහ මිණිබිරිය දිය රකුසාට බිලි වෙති

පොල්පිටිය, හිටිගේගම, බොකරවැවිල ප්‍රදේශය හරහා කැලණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය අත්තම්මා සහ ඇගේ මිණිබිරිය ජල පහරට ගසා ගෙන ගොස් තිබේ.
පොල්පිටිය පොලිසිය සඳහන් කළේ, එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසලට ගොස් මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසල ඇළ මාර්යක් තරණය කිරීමට යාමේදී දෙදෙනා ම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ය.
මිත්තණියගේ වයස අවුරුදු 60ක් වන අතර මිණිබිරයගේ වයස අවරුදු 5කි.
සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව සිටි මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහළින් හමු වී ඇත.
ඇගේ මෘත ශරීරය ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බව පෙලිසිය සඳහන් කළේ ය.
අතුරුදන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

