රැට්ටා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

රතිඳු සේනාරත්න නොහොත් (රැට්ටා) ඇතුලු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
අදාළ නියෝගය, අද (01) කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දෙනු ලැබුවා.
කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති මොවුන් විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා තිබුණේ.
ඔහුව පසුගිය ජුනි මාසයේ දී කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ද සිටියා.

