ගෝඨාභය 11 ලංකාවට, ආරක්ෂාව දීම රජයේ වගකීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගොස්තු 11 දා පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතය.
කටුනායක ගුවන්තොටුපළේදී හිටපු ජනාධිපතිවරයාට දැඩි ආරක්ෂාවක් සැලසීමට රජය කටයුතු යොදා ඇත.
ගෝඨාභයගේ වීසා කාලය අගෝස්තු 11 දා අවසන්වීමට නියමිත අතර සිය බිරිඳ සමඟ ඇමෙරිකාවට යෑම සඳහා ඔහු කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

