දිය ඇලිවල ජල මට්ටම් ඉහළට

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශ භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබෙනවා.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ඉන් පහළ ප්‍රදේශයේ පිහිටි සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් තිබුණා.
පවතින වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ල ඇතුළු උඩරට දිය ඇලිවල ජල මට්ටම් ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

