නුවරඑළියේ සියලුම පාසල් වලට අද නිවාඩු

නුවරඑළියේ සියලුම පාසල් වලට අද නිවාඩු

අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළි දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් අද (02) දිනයේ වසා දැමීමට තීරණය වී තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මේ බව නිවේදනය කරනවා.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ප්‍රදේශ කිහිපයකට ම රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

දැනටමත් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බව ද වාර්තා වෙනවා.

COMMENTS