විදෙස් ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමේ

විදෙස් ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමේ

විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මේ යටතේ විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය පදනම් කර ගනිමින් ලබා දෙන තීරුබදු පහසුකම හෙවත් ඩියුටි ෆ්‍රි පහසුකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.

නීත්‍යානුකුල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණයෙන් 50% කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීමට ද මේ මගින් යෝජිතය.